කටුගස්තොට පොලිස් වසමේ රණවන පාරේ නිරෝධායන නීති කඩකරමින් පවත්වාගෙන ගේ අධ්‍යාපන කඳවුරේ සිටි කළමනාකාරවරිය සහ ගුරුවරුන් හතරක් ඇතුළු සිසු සිසුවියන් 31 දෙනෙකුට කෝවිඩ් වෛරසය ආසාදිත බවට පි.සි.ආර්. පරීක්ෂණවලින් තහවුරු වීමෙන් පසු ඊයේ (16) ආසාදිත සිසුවියන් 20දෙනකු පින්නවල කෝවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානයටද සිසුන් 16 දෙනකු පොල්ගොල්ල කෝවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානයට ද යොමු කිරීමට සෞඛ්‍ය බලධාරීන් පියවර ගත්හ .
එම රෝගීන් සියලු දෙනා යුධ හමුදා රථ මගින් සෞඛ්‍ය ආරක්ෂිතව අදාල ස්ථානවලට යොමු කිරීමට පියවර ගෙන තිබුණි .
මේ අතර එම අධ්‍යාපන කඳවුරේ ඊයේ (16) ලැබී තිබුණු තවත් පි. සි.ආර්. පරීක්ෂණ වාර්තා වලට අනුව එහි සිසුන් පස් දෙනෙකු ද කෝවිඩ් ආසාදිත බවට තහවුරු වී තිබූ බව සෞඛ්‍ය අංශ පවසයි .
ෂේන් සෙනෙවිරත්න