ඔස්ට්‍රේලියාවේ නිරෝධායන ක්‍රියාවලියේ පැවති දුර්වලතා හේතුවෙන් පුද්ගලයන් 18,000කට වැඩි පිරිසකට නව කොරෝනා වෛරසය ආසාදිත වී, තවත් පුද්ගලයන් 700කට වැඩි පිරිසක් මියගොස් ඇති බව නවතම පරීක්ෂණයකින් හෙළි වී තිබේ.
ඔස්ට්‍රේලියානු වික්ටෝරියා ප්‍රාන්තයේ හෝටල් දෙකක නිරෝධායන ක්‍රියාමාර්ග අසාර්ථක වීමෙන් පුද්ගලයින් 768දෙනෙකු මියගොස් 18,418ක් ආසාදනය වී ඇති බව කොවිඩ්-19 හෝටල් නිරෝධායනය පිළිබඳ පර්යේෂණයේ අවසන් වාර්තාව පෙන්වා දෙයි.
වෛරසය හෝටල් පොකුරේ සිට සෙසු ප්‍රාන්තවලට ගමන් කිරීම ප්‍රාන්තයේ ආසාදනවලින් 99%කට වගකිව යුතු බව බලධාරීන් අවධාරණය කරයි.