විදේශීය රටවල සිට මෙරටට පැමිණෙන පුද්ගලයින් නිරෝධායන කටයුතු සඳහා හෝටල්වලට යොමුකිරීමේදී අයථා ලෙස මුදල් ලබාගන්නා තෙවන පාර්ශවකරුවන්ට ඒ සඳහා කිසිදු ඉඩක් නොතබන ලෙසත් එවැනි පුද්ගලයින්ට අල්ලස් දීමෙන් වලකින ලෙස නිරෝධායන කටයුතු සඳහා සම්බන්ධව සිටින හෝටල් හිමියන්ට යුද්ධ හමුදාධිපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා ප්‍රකාශ කරයි.
කොවිඩ්-19 වෛරසයේ දෙවන රැල්ල පැතීරයාමෙන් පසුව මෙවැනි ‘වංචනික’ ක්‍රියාවන් සිදුකරන පුද්ගලයින් අත්අඩංගුවට ගැනීම ක්‍රියාත්මක කළ බවත් නිරෝධායන ක්‍රියාවලිය ඉතා ඉහළ ප්‍රමිතියකින් හා විශ්වාසනීයව පවත්වාගෙන යාමට යුද්ධ හමුදාව කටයුතු කරන බැවින් ඒ සම්බන්ධයෙන් යුද්ධ හමුදාව ගොඩනගාගෙන ඇති ප්‍රතිරූපයට හානි කිරිමට කිසිවෙකුටත් ඉඩ නොතබන බවයි මෙහිදී යුද හමුදාධිපතිවරයා පවසා සිටියේ.
මෙරටට පැමිණ හෝටල්වල නිරෝධායනයට ලක්වන පුද්ගලයින්ට අවශ්‍ය පහසුකම් සාධාරණ මුදලකට ලබාදීම තම අරමුණ බවත් එහිදි යුද හමුදාධිපතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ.
කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මෙම අදහස් දැක්වුයේ කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේදී හෝටල් හිමිකරුවන් සහ හෝටල් විධායක නිලධාරීන් සමඟ පැවැති විශේෂ සාකච්ඡාවකදීය.