නිරෝධායන ඇඳිරි නීතියෙන් නිවෙස්වලට සීමා වූ නාරාහේන්පිට, දාබරේ මාවත ආශ්රිත පවුල් දහසකට වියළි ආහාර බෙදාදීමක් අද (08) පෙරවරුවේ නාරාහේන්පිට ශ්‍රී ගෞතම විහාරය අසළ ක්‍රීඩාංගණයේ දී සිදු කෙරිණ.
විහාරාධිපති පූජ්‍ය ඕමල්පේ සුමනරතන හිමියන්ගේ අනුශාසනා පරිදි සංවිධාන කළ වැඩසටහනට විල්සන් වෙළෙඳ සමාගමේ සභාපති හේමන්ත ලොකුමාන්නගේ සහ පල්ලියගොඩ වෙළෙඳ සමාගමේ සභාපති කිංස්ලි පල්ලියගොඩ මහත්වරු අනුග්‍රහය දැක්වූහ.
බෙදා දුන් ආහාර මල්ලක වටිනාකම රුපියල් 2500/-කි. සෞඛ්‍ය උපදෙස් පිළිපදිමින් වැඩසටහන ක්‍රියාත්මක කෙරිණ.