විදේශයන්හි සිට ශ්‍රී ලංකාවට පැමිණීමෙන් අනතුරුව ශ්‍රී ලංකාවේ නිරෝධානයට ලක්වූ පළමු කණ්ඩායම හෙට වෛද්‍ය පරීක්ෂණයකින් අනතුරුව මුදා හරින බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ කාර්ය සාධක බළකායේ ප්‍රධානී, වැඩබලන ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී මෙන්ම යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවැසීය.
ඔවුන් දන 14ක කාලයක් නිරෝධානය කර ඇති බවත් ඒ අනුව පුද්ගලයන් 350ක් මෙසේ නිදහස් කරන බවත් යුද හමුදාපතිවරයා පැවැසීය.
මෙම පිරිස තමන්ගේ ප්‍රදේශවලට පැමිණි විට බිය විය නොයුතු බවත් ඔවුන් නිරෝධානයට ලක්වූ පිරිසක් පමණක් බවත් යුද හමුදාපතිවරයා පැවැසීය.