බුස්ස බන්ධනාගාරයේ නිරෝධායනය වෙමින් සිටි රැදවියන් 60 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වි ඇති බවට පි.සි.ආර්. පරික්ෂණවලදි තහවුරු වි ඇති බැව් බුස්ස බන්ධනාගාරය පවසයි.
පසුගිය 18 වැනිදින දින නිරෝධායනය වෙමින් සිටි රැදවියන් 69 දෙනෙකු පි.සි.ආර්. පරික්ෂණවලට ලක්කරණු ලැබිය.එම පරික්ෂණවල ප්රථිපල ඊයේ (23) දින ලැබි තිබු අතර එම ප්රථිපලවලට අනුව රැදවියන් 60 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වි ඇති බවට තහවුරුවි ඇති බවද බුස්ස බන්ධනාගාරය පවසයි.
ගාල්ල හා මාතර දිස්ත්රික්කවල අධිකරණ මගින් රක්ෂිත බන්ධනාගාරගත කරණ රැදවියන් නිරෝධායනය කිරිම සදහා බුස්ස බන්ධනාගාරය වෙත රැගෙන එනු ලබති. බන්ධනාගාරයේ වාට්ටු 04ක මොවුන් නිරෝධායනය වෙමින් සිටියදි කොරෝනා වෛරසය ආසාදනය වි ඇති බවට තහවුරු වි ඇත.