කොවිඩ් -19 වෛරසයේ රෝග ලක්ෂණ පවතින පුද්ගලයින් කොවිඩ් එන්නත ලබාගැනීමෙන් වළකින ලෙස වසංගත රෝග විද්‍යා ඒකකයේ ප්‍රධානී, විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා පවසයි.
ඔවුන්ගේ ශරීරය තුළ වෛරස පවතින හෙයින් ඔවුන් එන්නත ලබාගැනීමෙන් ඵලක් නොමැති බව ඔහු පැවැසීය.
අද (16දා) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා මෙම අදහස් පළ කළේය.
"යම් කෙනෙක් ආසාදිතයෙක් නම් ඒ ආසාදිතයා ගිහින් කොවිඩ් මර්දන එන්නත ලබා ගැනීමෙන් කිසිම ප්‍රයෝජනයක් නෑ. මොකද දැනටමත් ඔහුගේ ශරීරය තුළ වෛරසය තිබෙන නිසා. ඒ නිසා දැනට නිරෝධායනය වෙන අය සහ ආසාදිත වෙයි කියලා සැක කරන අයට මේ එන්නත් ලබාදීම අපි ප්‍රමාද කරනවා. කොවිඩ් රෝග ලක්ෂණ වසන් කරලා එන්නත ගැනීමෙන් ද ප්‍රයෝජනයක් නෑ. එය සුදුසු නෑ.”