මේ වන විට ශ්‍රී ලංකාවේ නිරෝධායන මධ්‍යස්ථාන 16ක පුද්ගලයින් 2258ක් නිරෝධායනයට ලක්වෙමින් පවතින බව යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවැසීය.
කොවිඩ් 19 පැතිරීම වැළැක්වීම සඳහා ස්ථාපිත කර ඇති කාර්ය සාධක බළකායේ ප්‍රධානී ලෙස පවත්වන මාධ්‍ය හමුවේදී ඔහු මේ බව පැවැසීය.
එසේම මාර්තු 01 දා සිට 09 දා තෙක් ලංකාවට පැමිණි පුද්ගලයන් 1500-2000ක් පමණ නිරෝධානයට භාජන වී නොමැති බවත් ඔහු ප්‍රකාශ කළේය.
මේ අතරින් 800ක් පුත්තලම දිස්ත්‍රික්කයේ සිටින බවත් ඔහු ප්‍රකාශ කළේය. තවදුරටත් ඔවුන් නිරෝධානයට ලක් නොවන්නේ නම් පුත්තලම දිස්ත්‍රික්කයම ක්‍රියාත්මක වන පරිදි ක්‍රියාමාර්ගයක් ගන්නා බවත් සඳහන් කළේය.
මේ වන විට පුද්ගලයන් 800ක් පමණ ඉන්දියාවේ වන්දනාවට ගොස් ඇති බවත් ඔවුන් සම්බන්ධයෙන් පියවර ගන්නා බවත් ඔහු පැවැසීය.
හෙට මධ්‍යම රාත්‍රියේ සිට ගුවන් මගින් ශ්‍රී ලංකාවට පැමිණෙන ගුවන් මගීන්ට රටට ඇතුළුවීම තහනම් කරන බවත් ඔහු ප්‍රකාශ කළේය.