පූනානි කන්දකාඩු දියතලාව යන නිරෝධායන මධ්‍යස්ථාන තුළ නිරෝධාන කටයුතු නිම කළ 223ක් දින 14 කාලය නිමවීමෙන් පසුව වෛද්‍ය උපදෙස් මත නිදහස් කළ බව යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවැසීය.
එසේම ඔවුන්ට තවත් දින 14ක් ස්වයං හා තම නිවේස්වල සිටිමින් නිරෝධානය වන ලෙස දැන්වා ඇති බවද යුද හමුදාපතිවරයා පැවැසීය.
මේ දක්වා නිරෝධානය මධ්‍යස්ථාන තුළින් පුද්ගලයන් 678ක් නික්ම ගොස් ඇති අතර හෙට දිනදෙී තවත් 443ක් නිරෝධායන කටයුතු නිමවීමෙන් පසුව නිවෙස් බලා පිටත්ව යෑමට නියමිතය.
දිවයිනේ නිරෝධායන මධ්‍යස්ථාන 46ක් තුළ පුද්ගලයන් 2866ක් තවදුරටත් නිරෝධායනය වෙමින් සිටින බව යුද හමුදාපතිවරයා වැඩිදුරටත් පැවැසීය.