ලාඳුරු රෝහල නිරෝධායන මධ්‍යස්ථානයක් ලෙස පත් කිරීමට විරෝධය පල කරමින් අද (06) මට්ටක්කුළිය - හැඳල ප්‍රධාන මාර්ගය හේකිත්ත මංසන්ධියෙන් අවහිර කරමින් ප්‍රදේශවාසීන් උද්ඝෝෂණය කිරීම හේතුවෙන් දැඩි රථ වාහන තදබදයක් නිර්මාණය වී තිබෙන බව වාර්ථා වේ.
මේ හේතුවෙන් හේකිත්ත-වත්තල සහ හේකිත්ත-හැඳල යන මාර්ගවල රථවාහන ගමනාගමනයට බාධා එල්ල වී තිබේ.
කොරෝනා වෛරසය පැතිර යන රටවල සිට පැමිණෙන සියලු මගීන් දින 14 ක කාලයක් නිරෝධායනයට ලක් කිරීමේ අරමුණින් වැලිසර ලාදුරු රෝහල මෙරට ප්‍රති නිරෝධායන මධ්‍යස්ථානය බවට පත් කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය පසුගියදා තීරණය කළ අතර මේ තීරණයට විරෝධය පළ කරමින් ප්‍රදේශවාසීන් මෙලෙස විරෝධතාවේ නියැලෙන අතර මෙම උද්ගෝෂණය ආරම්භ කල අතර අද ක්රියාක්මක වන්නේ මෙහි තුන්වැනි දිනයයි.