කිලිනොච්චිය විඩත්තපලෙයි නිරෝධායන මධ්‍යස්ථානය වෙතට මගීන් රැගෙන ගිය සුඛෝපභෝගී බස් රථයක් අද (27) උදෑසන අනතුරට ලක් වීම හේතුවෙන් බස් රථයේ ගමන්ගත් 17 දෙනෙකු තුවාල ලබා ඇති බවට පලෙයි පොලීසිය පවසයි.
ලෙබනන්යේ සිට පැමිණි ශ්‍රී ලාංකිකයින් 256 ක් නිරෝධායනය කිරීම සඳහා බස් රථ කිහිපයකින් අද උදෑසන විඩත්තපලෙයි යුදහමුදා නිරෝධායන මධ්‍යස්ථානය වෙතට රැගෙන යමින් සිටියදී එක් බස් රථයක් මෙලෙස අනතුරට ලක් වී ඇති බවට පොලීසිය පවසයි.
අනතුරට ලක් වූ බස් රථයේ රියදුරුට නින්ද යාම හේතුවෙන් මෙම අනතුර සිදුව ඇති බවට පරික්ෂණ වලදී හෙලි වී ඇති අතරම නින්දයාම හේතුවෙන් බස්රථය මාර්ගයෙන් ඉවතට පැන අසලින් ඉදිකොට තිබූ විශාල ජලනලයක වැදී නැවතී තිබෙනවා.
එහිදී බස් රථය තුල සිටි 17 දෙනෙකු තුවාල ලබා පලෙයි රෝහලට ඇතුලත් කොට ඇති අතරම ඉන් බස් රථයේ රියදුරු ඇතුලු කාන්තාවන් දෙදෙනෙකු බරපතල තත්වයෙන් යාපනය ශික්ෂණ රෝහලට ඇතුලත් කල බවටද පොලීසිය පැවසීය.
අනතුර හේතුවෙන් බස් රථයටද දැඩි හානි සිදුව ඇති අතර ජලනල පද්ධතියටද හානි සිදුව ඇති බවට පරික්ෂණ සිදු කරන පලෙයි පොලීසිය වැඩිදුරටත් පැවසීය.