2020 වර්ෂයේ නිරිත දිග මෝසම් වර්ෂාව මැයි මස තෙවැනි සතියේ ආරම්භ විමට ඉඩ ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් පුරෝකථනය කර ඇති අතර පසුගිය වසර මෙන් මෙවරද නිරිත දිග මෝසම් වර්ෂාව සක්‍රිය වුවහොත් ගංවතුර , නායයාම් සහ දැඩි සුළං ආදි ආපදා තත්ත්වයන් ඇති විය හැකි බවට ආපදා කළමනාකරණ අමාත්‍යාංශය අනතුරු අඟවයි.
පවතින කොරෝනා තත්ත්වය හමුවේ මෙම මෝසම් තත්ත්වය සක්‍රිය වුවහොත් එය කළමනාකරණය කිරිම දැඩි අවදානම් ක්‍රියාවලියක් බවත් දැනට රටේ පවතින වාතාවරණය අනුව ජනතාව ඒකරාශි කර දැනුවත් කිරිමටද නොහැකි බවත් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය දැනුම් දෙයි.