නොරෝච්චෝල ලක් විජය බලාගාරයේ දෙවැනි විදුලි ජනන යන්ත්‍රයේ සිදුව තිබූ කාර්මික දෝෂය අද (20දා) අළුයම වන විට සම්පුර්ණයෙන් යථා තත්ත්වයට පත් කිරීමට හැකිවූ බව ලක් විජය බලාගාරයේ බලස්ථාන කළමණාකරු ඉන්ද්‍රසිරි ගාල්ලගේ මහතා පැවසිය.
ජනන යන්ත්‍රයේ පරිපථ වල බිඳ වැටීමක් හේතුවෙන් 18දා දහවල් වල විට රට පුරා විදුලිය සැපයුම විටින් විට කප්පාදු කෙරිණ.
එය ජාතික විදුලි බල සැපයුමට දහවල් වන විට එක්වෙන බවත් ඒ අනුව විදුලි කප්පාදුව අවසන් කිරීමට හැකි වෙනු ඇති බවත් බලස්ථාන කළමනාකරු සඳහන් කළේය.
පුත්තලම හිරාන් ප්‍රියංකර