ලංකාවේ බලශක්ති සුරක්ෂිතතාව හා ස්වයංපෝෂිතභාවය තහවුරු කිරීම වෙනුවෙන් විදුලි බල හා බලශක්ති අමාත්‍ය මහින්ද අමරවීට මහතා ඉදිරිපත් කළ යේාජනාවට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.
මෙහිදි නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරයේ දිගුවක් ලෙස මෙගාවොට් 300 x 2 ධාරිතාවයකින් යුත් විදුලි බලාගාර ඒකකයක් ඉදිකිරීම,
මෙගාවොට් 300ක ධාරිතාවයකින් යුත් ද්‍රවකෘත ස්වාභාවික වායු බලාගාරයක් (LNG) ලංකා විදුලිබල මණ්ඩලය හා ඉන්දියාව/ජපාන බද්ධ ව්‍යාපාරයක් ලෙස කෙරවළපිටිය ප්‍රදේශයේ ස්ථාපිත කිරීම,
ආසියානු සංවර්ධන බැංකු අරමුදල් යටතේ කෙරවළපිටිය ප්‍රදේශයේ ඉදිකිරීමට යෝජිත මොගාවොට් 300ක ධාරිතාවයකින් යුත් දෘවකෘත ස්වාභාවික වායු බලාගාරය ඉදිකිරීමේ කටයුතු කඩිනම් කිරීම,
ලංකා විදුලි බල මණඩලය විසින් ඉදිකරමින් පවතින ජල විදුලි බලාගාර හා පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘතීන්හි ඉදිකිරීම් කටයුතු කඩිනම් කිරීම,
සූර්යබල විදුලි උත්පාදනය සඳහා ඉන්දියානු රජය ලබා දිමට එකඟවි ඇති ඇමෙරිකානු එක්සත් ජනපද ඩොලර් මිලියන 100ක ණය මුදල් මගින් අදාළ ව්‍යාපෘතීන් කඩිනමින් ක්‍රියාත්මක කිරීම,
යන ක්‍රියාමාර්ග ගැනීමට නියමිතය.