ඊයේ පැවති අධික වර්ෂාවත් සමග පාලින්දනුවර ප්රාතදේශීය ලේකම් කොට්ඨාශයට අයත් කොස්ගුලන ප්‍රදේශයේ කන්දක පිහිටි ගලක් ගැලවී පහලට පෙරලීමත් සමග ඇතිවූ නාය යාමේ අවධානමක් නිසා එම ප්‍රදේශයේ පදිංචි පවුල් 13 ක පිරිස කොස්ගුලන පාසලේ සහ කොස්ගුලන විහාරස්ථානයේ රඳවා තැබීමට කටයුතු කල බව කළුතර දිස්ත්‍රික්ක ආපදා කළමනාකරණ මාධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්‍යක්ෂක කර්නල් සුජිත් කුලසේකර පවසයි.
2017 වර්ෂයේදීද මෙම ස්ථානය නාය යාමේ තර්ජනයට ලක්වූ ස්ථානය බවත් පසුගිය දිනවල පවත් අධික වර්ෂාවත් සමග එම ස්ථානයේ පිහිටි කන්දක විශාල ගලක් පහතට පෙරලී ඇති බවත් එම නිසා ඒ අසල පදිංචිකරුවන් නිවාස වලින් ඉඅවත්කිරීමට කටයුතු කළබවත් ,ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ නිලධාරීන් ඊයේ දහවල් එම ස්ථානයට පැමිණ පරීක්ෂණ ආරම්භ කල බවත් කර්නල් සුජිත් කුලසේකර මහතා වැඩිදුරටත් පැවසීය.
මතුගම බන්දු තඹවිට