Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ADA
2024 දෙසැම්බර් මස 12 වන බ්‍රහස්පතින්දා
2024 දෙසැම්බර් මස 12 වන බ්‍රහස්පතින්දා
ආණ්ඩු පක්ෂය අද දිනයේදි පාර්ලිමේන්තුව වර්ජනය කළත් අධ්‍යාපන හා උසස් අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවට පැමිණ තිබේ.
මෙහිදී ඔහු ප්‍රකාශයක් කරමින් සිටියි.
" ජනපතිගේ ජයග්‍රහණය තුළ නව මාවතකට රට ගමන් කරාවි කියා ජනතාව බලාපොරොත්තුවුණා. අපි 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්මත කර ගත්තා. ඒ සඳහා රනිල් වික්‍රමසිංහ මහතා නායකත්වය දුන්නා. විධායක ජනපති බලතල ඉවත් කිරීමට ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා කටයුතු කළා.
2015 අගෝස්තු 17 පාර්ලිමේන්තු මැතිවරණයට මුහුණ දුන්නේ එක්සත් ජාතික පක්ෂයේ බහුතරයක් අරගෙන ආණ්ඩුවක් පිහිටුවීමට වුවත් අපි ජාතික ආණ්ඩුවක් පිහිටුවනවා කිව්වා. අපිට සරල බහුතර මන්ත්‍රි ආසන සංඛ්‍යාවක් දිනාගන්න බැරිවුණත් අපි ජාතික ආණ්ඩුවක් ලෙස දේශපාලන, ආර්ථික, සමාජීය ප්‍රශ්ණ මුහුණ දෙමින් යථා තත්ත්වයට පත්කිරිමට අපි කටයුුතු කළා.
ඒ කාලය තුළ අපිට ප්‍රශ්න ඇති නොවුණා නොවෙයි. පාක්ෂිකයන් කලකිරෙද්දීත් අපි ජනතාවගේ අභිලාෂයන් ඉටු කිරිමට කටයුතු කළා. නමුත් කාලයාගේ ඇවෑමෙන් රජයේ නායකයා ලෙස කටයුතු කළ ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ පාර්ශ්වයත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ පාර්ශ්වයත් පැරණි අවලාද ක්‍රමයට ගමන් කළා.
ඒ කණ්ඩායම් දෙකට නායකත්වය දුන්න නායකයන් දෙපළ තම තමන්ගේ කණ්ඩායම් දෙක හසුරුවාගන්න නොහැකිවුණා. ඒ දෙපළම අසාර්ථක වුණා. අතීත් පාඩම්වලින් ඉගෙන ගන්නා අතර තමයි විශ්වාසය ගිලිහෙමින් පවතින විට පූර්ව දැනුම් දිමකින් තොරව රනිල් වික්‍රමසිංහ මහතා අග්රාමාත්යධූරයෙන් ඉවත් කරමින් මහින්ද රාජපක්ෂ මහතා අග්රාමාත්යධූරයේ දිවුරුම් දුන්නේ.
පාර්ලිමේන්තුව විසුරුවාහැරීමේ නියෝගය අධිකරණයේ අභියෝගයකට ලක්ව තිබෙනවා. පාර්ලිමේන්තු සභාව තුළ ඇතිවූ කලහකාරී ස්භාවය හේතුවෙන් ජනතාව පාර්ලිමේන්තු ක්‍රමය පිළබඳව පිළිකුල් ස්වාභයෙන් කටයුතු කරන තත්ත්වයට රට පත්වෙලා තිබෙනවා.
පාලනය අකර්මණය වී ජනතාව අපේක්ෂාභංගයත්වයට පත්ව තිබෙනවා. මේ තුළ එකිනෙක පාර්ශ්වයන් අන් පාර්ශ්වයන් චෝදනා කිරීම දිගටම සිදුවුණත් එයින් ජනතාවට සුගතියක් සිදුවෙන්නේ නෑ.
අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව ව්‍යවස්ථාදායක බලය හා අධිකරණ බලය තිබෙන්නේ මෙම සභාවටයි. මේ ගැටලුව සමතයකට පත්කර ගැනීමට ජනපති හා කථානායක අතර සාකච්ඡාවකින් විසඳා ගත යුතු වෙනවා. මේ වන විට ව්‍යවස්ථාදායක හිරවීමක් සිදුවෙලා තිබෙනවා.
මෙවැනි අවස්ථාවක දේශපාලන අවස්ථාවාදය පිළිබඳ අවධානය යොමුවීම නොවෙයි. රට ස්ථාවර කර ගැනීමයි සිදුවි යුත්තේ. මේ අස්ථවරතාවය තුළ ජයග්‍රහණය ලබන නායකයෙක් පක්ෂයක්යක් නෑ.
ප්රජාතන්ත්රවාදී පාර්ලිමේන්තුව තුළ සිදුවන දෑ පිළිබඳව තරුණ පරම්පරාව මේ කථාකරන දේ බැලුවාම මේ ක්‍රමය ප්‍රතික්ෂේප කරන කාලය වැඩි ඈතක නොවෙයි. අපි අනාගතය ගැන සුබ වාදීව බැලිය යුතුයි. බහුතරයක් මෙහෙයවන කණ්ඩායමට අවස්ථාව ලබාදීම තුළයි මෙය සිදුවිය යුත්තේ. මන්ත්‍රීවරයෙක් ලෙස ඒ වෙනුවෙන් ඕනෑම කැපකිරිමක් කරන්න මම සූදානම්.
මේ ගැටලුව විසඳන්න පුළුවන් කථානයට පමණයි. ජනපතිතුමත් විශාල කැපවීමක් කළා. ලක්ෂ 62ක් ජනතාව එතුමාට ලබාදුන් විශ්වාසය තබාගනිමින් එතුමා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුගමනය කරාවි"
popular news
silva Thursday, 29 November 2018 11:04 AM
මොකාටද එන්න හදන්නේ
Reply : 0 31
Deepal Nirosh Thursday, 29 November 2018 11:59 AM
ඇයි නායකයින් දෙපළ ගැන විතරක් නොවෙයි, ගෝල බාල පිරිසත් අසාර්ථකයි.
Reply : 0 61
Nandana Thursday, 29 November 2018 03:35 PM
Oya sarthkada? Nikan nayata kahinne nathuwa innawa halo
Reply : 0 24
chathuri Thursday, 29 November 2018 05:56 PM
ඔබ. දැන්. දෙමල නයකුගේ. පක්ෂයට. බැදුනොත්. නරකද . බයනම්. සේනානායකවත්. එක්කන්. යන්න. ඔය. අදිකරණ ඇමති. කොහෙන්ද ඉගෙන. ගත්තේ. කට්ටි. පනින්න , වාසි පැත්තට හේත්තු. වෙන්න. පිරිමි කමටත්. ලැජ්ජයි. නේද. . ඉගෙන ගත්තු. පාසැල දන. ගන්න. කැමතියි. ඔබ වැනි. අය. පොත්. ලිව්වත් වැඩක්. නැහැ කවුරුත්. මිලදී. ගන්නේ. නැහැ. ඔබගේ. ජිවිත. කතාව. ගැන ලිව්වොත් උණු කැවුම්. වගේ. විකිනෙයි
Reply : 0 1
b.d.s.wijewardana Saturday, 01 December 2018 04:50 AM
වචනයේ පරිසමාප්තියෙන්ම ඔබතුමා නියම රාජපක්ෂය මට හිතන්නේ රාජ්පක්ෂ් නාමයන්ගේ පෙලේ ඔබතුමා ද ......මිහිඳු -1 ගෝඨා- 2 ඔබතුමා - 3 ලෙසින් මට පෙන්වා ...
Reply : 0 0
siriwardana Tuesday, 04 December 2018 09:45 AM
ඔබ අසාර්ථක බවේ අංක එක.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd