පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ලෙස 2010 වසරේදී තමන්ට හිමිවූ තීරු බදු රහිත වාහන බලපත්‍රයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා මහජන බැංකුවේද ලීසිං පහසුකම් යටතේ මිලදී ගත් ෆොර්ඩ් මස්ටෑන්ග් රථය එහි වත්මන් හිමිකරුවන් වෙත මුදා හරින ලෙස කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය අද නියෝග කළේය.
පොලිස් මූල්‍ය අපරාධ ඒකකය 2016 වසරේදී මෙම මෝටර් රථය සිය භාරයට ගත් අතර අයථා ලෙස උපයෝගී කරගත් මුදල් යොදා ගනිමින් මෙම මෝටර් රථය මිලදී ගත් බවට නාමල් රාජපක්ෂ මහතාට චෝදා එල්ල කරමිනි.
කෙසේ වෙතත් මන්ත්‍රීවරයා 2015 වසරේදී මෙම මෝටර් රථය නිසි ක්‍රමවේදය අනුව වෙනත් පාර්ශ්වයකට විකුණා ඇති අතර පසුව ඔවුන් පිළිබඳවද පොලිස් මූල්‍ය අපරාධ ඒකකය පරීක්ෂණ කරනු ලැබීය.
කෙසේ වෙතත් වසර දෙකකට ආසන්න කාලයකට පසුව නැවතත් එම මෝටර් රථය එහි නියම හිමිකරුවන් වෙත මුදා හැරීමට කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළේය.