දුෂණ විරෝධී බළකායේ මෙහෙයුම් අධ්යක්ෂ නාමල් කුමාර ජනපති ලෙකම් කාර්යාලයේ වැටුප් ලබන සේවකයෙක් නොවන බවත් ඔහු ජනපති කාර්යාලයේ සේවකයෙක් ලෙස පෙනී සිටිමින් වංචනික කටයුතු සඳහා යෙදී ඇත්දැයි සේවීමට දැනටමත් රහම් පොලීසියට පැමිණිලි කර ඇතැයි ජනපති ලෙකම් කාර්යාලය සඳහන් කරයි.
ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සෘජු අධීක්ෂණයට යතේ ක්‍රියාත්මක මතින් නිදහස් රටක් ව්‍යාපෘතියේ සේවය කිරීමට ඉදිරිපත්ව ඇති ස්වේච්ඡා සේවකයෙක් ලෙස ස්ව කැමැත්තෙන් ඉදිරිපත්ව ඇති බවත් එම වැඩසටහනේ අධ්යක්ෂ වෛද්‍ය සමන්ත කුමාර කිතලවආරච්චි මහතා නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.
මතින් නිදහස් රටක් වැඩසටහනට ස්වෙච්ඡා සේවකයන් 20000කට අධික පිරිසක් එක්ව ඇති බවත් නාමල් කුමාර ඒ අතරින් එක් සේවකයෙක් බවත් ඔහු කෑගල්ල ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය නිවාරනණ ජනපති කාර්ය සාධන බළකායේ ස්වේච්ඡා සේවකයෙක් ලසෙ සේවය කර ඇති බවත් එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙයි.