හලාවත නල්ලදරන්කට්ටුව මුතුපන්තිය කනිටු විද්‍යාලයේ අද ( 7 ) දින අලුයම කාලයේ කිසිවකු සැරි සැරූ බවට ලැබුණ තොරතුරක් මත පාසලට පැමිණි සිසුන් ආපසු යවා පොලීසිය හා යුද හමුදාව හා දෙමවුපියන් යොදවා දහවල් දැඩි සෝදිසි කිරීමකට ලක් කල බව මුතු පන්තිය කනිටු විද්‍යාලයේ විදුහල්පති විමලසේන කළුගමගේ මහතා පැවසිය .
මුතුපන්තිය පාසල ආසන්නයේ පදිංචිකරුවකු අද දින අලුයම 2කට පමණ කිසියම් හේතුවක් මත අවදී පාසල දෙස නිරික්ෂණය කර ඇති බවත් එහිදි කළු පැහැති ඇදුමක් හැඳ ගත් අයෙකු එකවර පාසල් භූමියේ සිට දිව ගිය බවද ඒ සමගම ගම්වාසින් 20කට වැඩි පිරිසක් පාසල සහ අවට අලුයම් කාලයේම සෝදිසි කර තිබුණද කිසිවක් හමු නොවු බවද පවසයි.
නමුත් විද්‍යාලයේ විදුහල්පතිවරයා පවසා සිටියේ පාසලේ ප්‍රධාන දොරටුව ඉබි යතුරු දමා අගුළු දමා තිබියදි එය කිසිවකු ගලවා ඉන්පසුව පාසල් භූමියට පැමිණ වැසිකිලි වල ජල කරාම විවෘත කර ජලය යාමට සලස්වා තිබු බවත් මේ නිසා යම් සැකයක් මතු විම නිසා ආරච්චිකට්ටුව පොලීසිය හා පුත්තලම යුධ හමුදා කඳවුර දැනුවත් කිරීමට කටයුතු කල බවය.
ඒ අනුව පොලිස් නිලධාරින් උදෑසන පාසලට පැමිණ දහවල් වන තුරු පාසල් භූමිය ද දැඩි පරික්ෂාවට ලක් කරනු දැක ගත හැකි විනි.
මේ පිළිබදව අදහස් දක්වමින් සිටි පාසල් ආරක්ෂක කමිටුවේ ක්‍රිස්ටෝපර් මිල්ටන් මහතා පැවසුවේ මෙවැන්නකී.
“ පාන්දර අපිට ආරංචි වුණා කවුරු හරි පාසල් භූමියේ රැදිලා ඉදලා එකපාරම දිව්වා කියලා . පස්සේ අපි 20 ක් විතර එකතු වෙලා හැම තැනම සෙව්වා. නමුත් කිසිම කෙනෙකු සොයා ගන්න බැරිව ගියා . රටේ තිබෙන තත්ත්වයත් එක්ක අපිට දැන් බයකුත් දැනෙනවා මේ ගැන .
නමුත් අපි පාසලේ ආරක්ෂාව වෙනුවෙන් හැම මොහොතේම කටයුතු කරන්න සුදානම්. ඒ වුණාට මේ සිද්ධිය ටිකක් ගැටලුවක් .මොකද එහා පැත්ත කලපුව. ඒ මදිවට කඩොලාන තිරය නිසා අපි දැන් ගැස්සිලා ඉන්නේ ඔහු පැවසිය.
මේ අතර ආරච්චිකට්ටුව පොලිස්ථානයේ නිලධාරින් පිරිසක්ද පාසල් භූමියට පැමිණ පරික්ෂණ පවත්වන අයුරු දැක ගත හැකි විණි.
පුත්තලම - හිරාන් ප්‍රියංකර