උඩරට දුම්රිය මාර්ගයේ තලවකැලේ දුම්රිය ස්ථානයට නුදුරින් තලවකැලේ නානුඔය දුම්රිය ස්ථාන දෙක අතර 116 සැතපුම් කණුව අසල තිබි හදුනානොගත් පිරිමි මල සිරුරක් අද හමු වු බව තලවකැලේ පොලීසිය පැවසිය.
එම දුම්රිය මාර්ගය අසල මල සිරුරක් ඇති බවට ප්‍රදේශවාසින් විසින් තලවකැලේ පොලිසිය වෙත ලබා දුන් තොරතුරක් මත පොලීසිය විසින් සිරුර සොයාගෙන ඇත.
අවුරුදු 70 පමණ වයසැති මරණකරුගේ අනන්‍යතාවය මෙතෙක් තහවුරු කරගෙන නොමැති අතර,මරණයට හේතුවද මෙතෙක් අනාවරණය කරගෙන නොමැත.
සිරුර සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් පරික්ෂණයෙන් පසු සිරුර පශ්චාත් මරණ පරික්ෂණය සඳහා නුවරඑළිය මුලික රෝහල වෙත යොමු කරන බව සිරුර සම්බන්ධයෙන් පරික්ෂණ පවත්වන තලවකැලේ පොලිසිය පැවසිය.