නිධන් සෙවීමේ අරමුණෙන් කැණීම් කටයුතු කරමින් සිටි පුද්ගලයින් හත්දෙනෙකු ඊයේ (6) මහකලුගොල්ල පොලිස් වසමේ හෙලමුල්ල ප්‍රදේශයේදී පොලිස් විශේෂ කාර්ය බලකායේ සියඹලාණ්ඩුව කඳවුරේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.
ලද තොරතුරක් මත මහකලුගොල්ල හෙලමුල්ල පන්සල්ගොඩැල්ල ප්‍රදේශයේදී කැණීම් කටයුතු කරමින් සිටි මෙම පුද්ගලයින් හත්දෙනා සමඟ රිවෝල්වරයක්,යතුරුපැදි දෙකක්,කැණීම් කටයුතු සිදුකිරීමට උපයෝගී කරගත් උපකරණ හා පූජාභාණ්ඩ රැසක් මෙලෙස අත්අඩංගුවට ගෙන තිබේ.
රිවෝල්වරයක් සහ ජීවඋණ්ඩ හතරක් සැකකරුවෙකු ළඟ තිබී සොයාගෙන ඇත.
අත්අඩංගුවට ගත් පිරිස කුරුණෑගල මොනරාගල,ඔබ්බේගොඩ,ගලබැද්ද රත්නපුර හා මහරගම යන ප්‍රදේශවල පදිංචිකරුවන්ය.
සැකකරුවන් සහ නඩු භාණ්ඩ සියඹලාණ්ඩුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත්කිරීම සඳහා මහකලුගොල්ල පොලීසියට භාරදී ඇත.
පොලිස් විශේෂකාර්ය බලකායේ අණදෙන නිලධාරී නියෝජ්‍ය පොලිස්පති ලයනල් ගුණතිලක මහතාගේ උපදෙස් පිට අම්පාර කලාපයේ අණදෙන නිලධාරී ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ඩබ්ලිව්.එම්.කේ.එස් පඩිවිට මහතාගේ මහතාගේ මෙහෙයවීම යටතේ මොනරාගල ප්‍රාදේශීය අණදෙන නිලධාරී සහකාර පොලිස් අධිකරී පී.කේ.එන් කුලතුංග මහතාගේ අධීක්ෂණය යටතේ විශේෂ කාර්ය බලකායේ සියඹලාණ්ඩුව අණදෙන නිලධාරි ප්‍රධාන පොලිස් පරීක්ෂක චමිල මාරපන මහතා ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් වැටලීම සිදුකර ඇත.
මොනරාගල සුමනසිරි ගුණතිලක