ශ්රී ලංකා නිදහස් පක්ෂයේ මැයි දින රැළිය ගම්පහ නගර සභා ක්රීඩාංගනයේදී පැවැත්වීමට අද (19දා) තීරණය කර තිබේ.
සමස්ත රටේ ශ්රී ලංකා නිදහස් පක්ෂ සාමාජිකයින්ට පහසුවෙන් ළඟාවිය හැකි ස්ථානයක් ලෙසට ගම්පහ දිස්ත්රික්කය නම වී තිබීම හා ශ්රී ලංකා නිදහස් පක්ෂ බලකොටුවක් වන අත්තනගල්ල ගම්පහ දිස්ත්රික්කය තුළ පිහිටා තිබීම නිසා පක්ෂය මෙම තීරණය ගෙන ඇත.