ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ප්රතිසංවිධාන වැඩසටහන යටතේ නව සංවිධායක පත්වීම් සිදුකිරීමට පක්ෂ සභාපති, ජනාධිපති මෛත්‍රීපාල සරිසේන මහතා කටයුතු කර තිබේ.
සංවිධායක ධූරයන් යථාවත් කරමින් පත්වීම් ලිපි පිරිනැමීම ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් අද (02දා) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී සිදු විය.
ඒ අනුව
මොරටුව ආසනය - තිලංග සුමතිපාල මහතා ද,
රත්නපුර ආසනය - නීතිඥ පි‍්‍රයන්ත කරුණාතිලක මහතා ද,
මින්නේරිය ආසනයෙ හිඟුරක්ගොඩ ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය - බී.ආර්. උඩවත්ත මහතා ද,
ඇලහැර ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ සම සංවිධායක - රෝහිත හත්තොටුව මහතා ද
මහනුවර ගලගෙදර ආසනය - ලාල් සිසිර බණ්ඩාර ගිරිහාගම මහතා ද,
බිබිල ආසනය - නීතිඥ උදාර සොයිසා මහතා ද පත්කර තිබේ.
එසේම දිස්ති‍්‍රක්ක කිහිපයක් සඳහා පත් කෙරුණු නව දිස්ත්‍රික් සංවිධායකවරුන්ට ද ජනාධිපතිවරයා පත්වීම් ලිපි පිළිගැන්වීය.