කන්දකුලිය සිවිල් ආරක්ෂක පුහුණු කඳවුරේ සිවිල් ආරක්ෂක භටයින් 30 කට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව සෞඛ්‍ය අංශ පවසයි.
මෙසේ කොරෝනා ආසාදනය වී ඇත්තේ 73 වන නිදහස් උත්සවය වෙනුවෙන් සහභාගි වු කන්දකුලිය කඳවුරේ සිවිල් ආරක්ෂක භටයින් 30 දෙනෙකුටය.
ආසාධිතයින් දංකොටුව කොවිඩ් ප්‍රථිකාර මධ්‍යස්ථානය වෙත යොමු කිරිමට කටයුතු කරමින් ඇති බව කල්පිටිය සෞඛ්‍ය වෛද්‍ය නිළධාරි කාර්යාලය පවසයි.