පූර්වාරක්ෂාවක් ලෙස නෙදර්ලන්තය ඇස්ට්‍රාසෙනෙකා හි කොවිඩ්-19 මර්දන එන්නත අවම වශයෙන් මාර්තු 29දා දක්වා අත්හිටුවන බව එරට රජය පවසයි.
ඊයේ දිනයේ අයර්ලන්තයද ඇතුළුව මෑත දිනවල රටවල් ගණනාවක ගනු ලැබූ සමාන තීරණ අනුව යමින් මෙම පියවර ගෙන තිබේ. එය පදනම් වී ඇත්තේ ඩෙන්මාර්කයේ සහ නෝර්වේහි ඇති වූයේ යැයි කියන බරපතල අතුරු ආබාධ පිළිබඳ වාර්තා මත බව නෙදර්ලන්ත රජය වැඩිදුරටත් පැවසීය.
කෙසේ වෙතත් කොවිඩ්-19 මර්දන එන්නත සමග එන්නත් කරනලද පුද්ගලයන්ගේ ආරක්ෂිත දත්ත සමාලෝචනය කිරීමෙන් රුධිර කැටි ගැසීමේ වැඩි අවදානමක් ඇති බවට කිසිදු සාක්ෂියක් නොමැති බව ඇස්ට්‍රාසෙනෙකා මීට පෙර පැවසීය.
කොවිඩ්-19 එන්නත සමග යුරෝපීය සංගමයේ සහ එක්සත් රාජධානියේ එන්නත් කරන ලද මිලියන 17කට වැඩි පිරිසකගේ සියලු ආරක්ෂිත දත්ත ඉතා පරිස්සමින් සමාලෝචනය කිරීමෙන් ඇස්ට්‍රාසෙනෙකා සමාගම, ඕනෑම නිශ්චිත වයස් මට්ටමකදී එන්නත් කාණ්ඩයක, ස්ත්‍රී පුරුෂභාවය මත හෝ එන්නත් ලබාගත් කණ්ඩායමක හෝ රටක මෙවැනි දැඩි අතුරු ආබාධ ඇතිවීමේ අවදානමක් පවතින බවට කිසිදු සාක්ෂියක් නොමැති බව කියයි.
ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලය සමග එක්ව සංවර්ධනය කරන ලද ඇස්ට්‍රාසෙනෙකා එන්නත යුරෝපීය සංගමයේ සහ බොහෝ රටවල භාවිත කිරීමට අවසරදී ඇති නමුත් තවමත් එක්සත් ජනපද නියාමකයන් විසින් ඊට අවසරය ලබා දී නොමැත.