ඩුබායි රාජ්‍යයෙන් ශ්‍රී ලංකාවට පිටුවහල් කිරීමෙන් පසු ගුවන්තොටුපළ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශ නිලධාරීන් විසින් ප්‍රශ්න කිරීමට රඳවා ගනු ලැබූ සංජු ගීත් නදීමාල් පෙරේරා අද (27දා) සවස මුදාහැර තිබේ.
ඩුබායි ආරක්ෂක අංශ විසින් පසුගිය පෙබරවාරි 05 වැනිදාමත්ද්රව්ය ළඟ තබාගැනීම හා පානය කිරීම ඇතුළු චෝදනා මත 'මාකඳුරේ මධුෂ්' නමැත්තා හා ගායන ශිල්පී අමල් පෙරේරා ඇතුළු තිහකට අධික පිරිසක් අත්අඩංගුවට ගනු ලැබීය.
මෙලෙස අත්අඩංගුවට ගත් පිරිස අතර සිටි ගායන ශිල්පී අමල් පෙරේරාගේ පුත් සංජු ගීත් නදීමාල් හා බන්ධනාගාර නියාමකවරයෙකු ලෙස සේවය කළ කෝදාගොඩ ආරච්චිගේ ලලිත කුමාර නමැත්තන් අද (27දා) ඩුබායි රාජ්‍ය‘යේ සිට ශ්‍රීලංකාවට පිටුවහල් කර තිබේ.
මෙලෙස පිටුවහල් කළ ඔවුන් දෙදෙනා 'ෆ්ලයි ඩුබායි' ගුවන් සේවයට අයත් ගුවන්යානයකින් කටුනායක ගුවන්තොටුපළට පැමිණි පසුගුවන්තොටුපළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් රඳවාගෙන ප්‍රකාශ සටහන් කරගැනීමට කටයුතු කරනු ලැබීය.
ඒ අනුව ගායන ශිල්පී අමල් පෙරේරාගේ පුත් නදීමාල් පෙරේරා අද සවස මුදාහැරි බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සඳහන් කළේය.
එහෙත් බන්ධනාගාර නියාමක ලලිත් කුමාර නමැත්තාගෙන් අද සවස් වනතුරු ප්‍රකාශ සටහන් කර ගැනීමට කටයුතු කළ බවද ඒ මහතා පවසා සිටියේය.
අනතුරුව බන්ධනාගාර නියාමකවරයා කොළඹ අපරාධ කොට්ඨාසයට බාරදී තිබෙන අතර, එම කොට්ඨාසය විසින් ඔහුගෙන් ප්‍රකාශ සටහන් කරගැනීම අද රාත්‍රියේ සිට ආරම්භ කර තිබේ.
'මාකඳුරේ මධුෂ්' නමැත්තා විසින් පැවැත්වූ උපන්දින සාදයක් සඳහා මෙම පිරිස අවස්ථා කිහිපයකදී ඩුබායි රාජ්‍යයට ගොස් තිබූ අතර, අදාළ සාදය තුළදී මත්ද්‍රව්‍ය පානය කිරීමේ හා ළඟ තබාගැනීමේ චෝදනාව මත මෙරට තුළ සංවිධානාත්මක අපරාධ සිදුකළ බවට චෝදනා එල්ල වූ කිහිපදෙනෙකුදසමග අත්අඩංගුවට පත්වූ බවට වාර්තා විය.
මෙම පිරිස අවසන් වරට පසුගිය 14 වැනි එරට අධිකරණයට ඉදිරිපත් කර තිබෙන අතර, ඔවුන් අද (28දා) දිනය දක්වා රක්ෂිත බන්ධනාගාරගතකර තිබෙන බවද වාර්තාවේ.
බන්ධනාගාර නියාමකවරයා මෙරටින් පිටව ගොස් ඇත්තේ රාජ්‍ය සේවකයන් විදේශගතවීමේදී සිදුකළ යුතු ක්‍රමවේදවලට පරිබාහිරව බවට තහවුරු වී තිබෙන බව ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙක් සඳහන් කළේය. ඔහුද පසුව අත්අඩංගුවට ගැනුණි.