නොදන්වා විදුලි කප්පාදු සිදුකිරීම නීති විරෝධී බව ශ්රී ලංකා මහජන උපයෝගීතා කොමිසම සඳහන් කරයි. ඔවුන් සඳහන් කරන්නේ මහජන උපයෝගීතා කොමිෂමෙන් අනුමැතිය ලබා නොගෙන විදුලිය කප්පාදු කිරීමද නීති විරෝධී බවයි.
මේ පිළිබඳව මහජන උපයෝගීතා කොමිෂම විදුලි බල මණ්ඩලයට ලිඛිතව දන්වා ඇති බවත් වාර්තා වෙයි.
දිවයින පුරා විදුලි බිඳවැටිම් සිදුවන බවට මහජන උපයෝගීතා කොමිෂමට පැමිණිලි රාශියක්ද ලැබී තිබේ.