නිති විරෝධි ලෙස මෙරට නිෂ්පාදනය කරන ලද සුරුට්ටු තිස් දෙදහසක් හයසිය අසු හතරක් සමග සැකකරුවන් දසදෙනෙක් සුරාබදු නිලධාරින් විසින් අත්අඩංගුවට ගැනේ.
නිති විරෝධි ලෙස සහ සෞඛ්‍යය ආරක්ෂිත ක්‍රමවේද වලට පටහැනිව මෙරට නිෂ්පාදනය කරන ලද සුරුට්ටු තිස් දෙදහස් හයසිය අසුහතරක් (කිලෝ 250 ක්) සමග සැකකරුවන් දස දෙනෙකු හැටන් සුරාබදු කාර්යයාලයේ නිලධාරින් විසින් (20) දින සැකපිට අත්අඩංගුවට ගෙන සැකකරුවන් ඇපකරයක් මත (21) දින මුදා හැරි බව හැටන් සුරාබදු කාර්යයාලයේ ස්ථානාධිපති ජානක පෙරේරා මහතා පැවසිය.
රජයට බදු මුදල් නොගෙවමින් එම සුරුට්ටුවල දුම්බිම සෞඛ්‍යයට අහිතකර වන බව වු රජයේ අවධානම් ලේබලයද ප්‍රදර්ශනය නොකර නිෂ්පාදනය කරන ලද සුරුට්ටු වතුකරය පුරා වෙලදසැල් වල අලෙවි කරන බවට හැටන් සුරාබදු කාර්යයාලයේ නිලධාරින්ට ලද තොරතුරක් මත හැටන්, කොටගල, දික්ඔය සහ තලවකැලේ යන නගරවල වැටලිමක් සිදු කර සැකකරුවන් සමග නිති විරෝධි ලෙස නිෂ්පාදනය කරන ලද සුරුට්ටු තොගය අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් සුරුට්ටු තොගයේ වටිනාකම තුන්ලක්ෂ විසි හයදහස් අටසිය හතලියක් බවයි හැටන් සුරාබදු කාර්යයාලයේ නිලධාරින් කියා සිටියේ.
අත්අඩංගුවට ගත් සැකකරුවන් ඇපකරයක් මත මුදා හැර ඇති අතර , සැකකරුවන් නිති විරෝධි දුම්කොල නිෂ්පාදනය සම්බන්ධයෙන් ලබන සතියේ වැඩ කරන දිනක මධ්‍යම පලාත් සහකාර කොමසාරිස්වරයා වෙත ඉදිරිපත් කරන බව හැටන් සුරාබදු කාර්යයාලයේ නිලධාරින් පැවසිය.
හැටන් රංජිත් රාජපක්ෂ