නීති විරෝධි මත්ද්‍රව්‍ය වැඩිවශයෙන් රටට පැමිණෙන්නේ නැගෙනහිර පළාතෙන් බව මේ වන විට හඳුනාගෙන තිබෙන බවත් වැටලීම් ශක්තිමත් කිරිම සේම එම තත්ත්වය වළක්වාළීමට ප්‍රදේශයේ ජනතාවගේ සහය ද රජය අපේක්ෂා කරන බවත් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.
අද (12දා) පෙරවරුවේ මඩකලපුව වේබර් ක්‍රිඩාංගණයේ පැවති ,රට වෙනුවෙන් එකට සිටිමු, ජාතික සංවර්ධන වැඩසටහනේ සමාප්ති උත්සවය අමතමින් ජනපතිවරයා මේ බව පැවැසීය.
උතුරු නැගෙනහිර සංවර්ධනය සඳහා ස්ථාපනය කරන ලද විශේෂ ජනාධිපති කාර්ය සාධන බලකායේ මෙහෙයවීමෙන් මේ වන විට එම පළාත්වල සංවර්ධනය වඩා ශක්තිමත් සහ කාර්යක්ෂමව ඉදිරියට කි‍්‍රයාත්මක වීම පිළිබඳව ද ජනාධිපතිවරයා මෙහි දී සතුට පළ කළේය.