වයින් ස්ටෝර්ස් විවෘත කළේ රජය විසින් ඊට අවසර ලබාදුන් නිසා බව වරාය සහ නාවික අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන පවසා සිටියි.
රජයේ අවසරයකින් තොරව මත්පැන් අලෙවිසැල් විවෘත කළ නොහැකි බවයි අමාත්‍යවරයා සඳහන් කර සිටියේය.
රටවැසියන් රජයෙන් සහන දීමනා ඉල්ලා සිටියත් බාර් අසල පෝලිම් දුටු විට රටවැසියන් හට මුදල් අපහසුතා තිබේද යන්න පිළිබඳ ගැටළුවක් මතුවන බවත් ගම්වල නීති විරෝධීව නිෂ්පාදනය කරන මත්පැන් බොහෝ දෙනා මිලදී ගනිමින් සිටින බවත් ඒවා සෞඛ්‍යට අහිතකර බව අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියේය.