නීති විරෝධිව ලොරි රථයකින් එල ගවයන් 15කු ප්රවාහණය කරමින් සිටි පුද්ගලයන් දෙදෙනෙකු මොණරාගල වැදිකුඹුර හංදිය ප්‍රදේශයේදි එම ගවයන් ප්‍රවාහණයට යොදාගත් ලොරිරථය සමග ඊයේ (17) පස්වරැවේ මොණරාගල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
ලොරි රථය අත්අඩංගුවට පත්වන විටත් ඒ තුල එල ගවයෙකු මියගොස් සිටි බව පොලිසිය සඳහන් කරයි. අත්අඩංගුවට පත් සැකකරැවන් මහියංගන පගරගමිමන ප්‍රදේශයේ පදිංචිකරැවන් බව අනාවරණය වි ඇත.
සැකකරැවන් සන්තකයේ ඇති බලපත්‍රයේ සදහන් ගවයන්ගේ අනන්‍යතා අංක හා වයසද නොගැලපෙන බව පොලිසිය කියයි.
මොණරාගල දිස්ත්‍රික්කය තුල ගවයන්ට කුර හා මුඛ රෝගය පැතිරිම නිසා සෞඛ්‍ය සහතික නිකුත් නොකරන ලෙස ඌව පළාත් සත්ව නිෂ්පාධන හා සෞඛ්‍ය දෙපාර්තමෙින්තුවෙි පළාත් අධ්‍යක්ෂකවරයා දිස්ත්‍රික්කයේ සියලු පශු වෛද්‍යවරැන්ට තහනමි කර තිබියදි වැල්ලවාය පශු වෛද්‍යවරයා මෙම ගවයන්ට සෞඛ්‍ය සහතික නිකුත්කිරිම සමිබන්ධයෙන් පරීක්ෂණයක් සිදුකරන බව පළාත් අධ්‍යක්ෂක එස්.කේ විරසුරිය මහතාගෙන් සඳහන් කළ අතර මොනරාගල පොලිසියේ අපරාධ විමර්ෂන අංශයේ ස්ථානාධිපති පොලිස් පරික්ෂක සෙනරත් බන්ඩාර මහතාගේ ප්‍රධානත්වයෙන් වැඩිදුර විමර්ෂණ කටයුතු සිදුකෙරේ.
මොණරාගල- නයනජිව බන්ඩාර