නාවික හමුදාව 2020 මාර්තු 16 වන දින මීගමුව, ලෙල්ලම මාළු වෙළඳපොලේ සිදු කරන ලද හදිසි පරීක්ෂා කිරීමකදී නීති විරෝධී ලෙස අල්ලන ලද කස මෝරුන් (වරල් රහිත) ක්‍රිලෝග්‍රෑම් 660කට ආසන්න ප්‍රමාණයක් සමඟ පුද්ගලයෙකු (01) නාවික හමුදා භාරයට ගෙන ඇත.
ශ්‍රී ලංකාවට අයත් මුහුදු සීමාවේ ජීවත් වන වඳ විමේ තර්ජනයට ලක්ව සිටින දුර්ලභ ගණයේ මත්ස්‍ය විශේෂයන් වන මෙම කස මෝරුන් ආරක්ෂා කිරීම සඳහා නාවික හමුදාව නිරන්තර මෙහෙයුම් දියත් කරනු ලබන අතර, ඒ අනුව නාවික හමුදාවේ බටහිර නාවික විධානයට අනුයුක්ත නාවික පුද්ගලයින් පිරිසක් විසින් 2020 මාර්තු 16 වන දින මීගමුව මාළු වෙළඳපොලේ සිදු කරන ලද හදිසි පරීක්ෂා කිරීමකදී නීති විරෝධී ලෙස අල්ලන ලද වරල් රහිත කස මෝරු ක්‍රිලෝග්‍රෑම් 660කට ආසන්න ප්‍රමාණයක් සමග පුද්ගලයෙකු නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කරන ලදි.