විදුලි ජනක යන්ත්‍ර කොටස් ලෙස ප්‍රකාශ කරමින් නීතිවිරෝධී ලෙස ශ්‍රී ලංකාවට ආනයනය කළ රුපියල් පන් කෝටි පනස් ලක්ෂයක් (වටිනා මෝටර් රථ 12 ක් කොළඹ වරාය පරිශ්‍රයේ දී 2020.12.23 ශ්‍රී ලංකා රේගුවේ අවදානම් කළමනාකරණ ඒකකයේ නිලධාරීන් විසින් රේගු භාරයට ගෙන තිබූ අතර , එම මෝටර් රථ අද දින කොළඹ , ඔරුගොඩවත්ත වැලිගම්පිටිය ග්‍රේ ලයින් බහාලුම් අංගණයේ දී මෙම බහාලුම් විවෘත කිරීම සිදු කළ බව රේගු මාධ්‍ය ප්‍රකාශක , අතිරේක රේගු අධ්යක්ෂ ජනරාල් සුනිල් ජයරත්න මහතා පැවසීය .
කිලෝ ග්‍රෑම් 12,140 බරැති මෙම අඩි 40 ක් දිග බහාලුම් 03 ක් සිංගප්පූරුවේ සිට කොළඹ ප්‍රධාන පෙළේ මහ කොමසාරිස් (බ්‍රිතාන්‍යය ) කාර්යාලයේ සේවය කරන නමට තානාපති වරප්‍රසාද යටතේ කොළඹ වරායට එවා තිබුණි .
නමුත් මෙම බහාලුම් පිළිබඳව රේගු අවදානම් කළමනාකරණ ඒකකයේ නිලධාරීන්ට ඇති වූ සැකය මත මේ පිළිබඳව සොයා බැලීමේදී මහ කොමසාරිස් කාර්යාලයේ නිලධාරීවරයා එවැනි ආනයනයක් සිදු කර නොමැති බව අනාවරණය විය .
ඒ අනුව රේගු නිලධාරීන් විසින් මේ පිළිබඳව වැඩිදුර විමර්ශන කටයුතු සිදු කර , කොළඹ වරායේ සේවය කරන වාප්පු ලිපිකරුවකු 01/07 දින අත්අඩංගුවට ගෙන කොළඹ අලුත්කඩේ අංක 06 මහේස්ත්‍රාත් අධිකරණයේ ලෝචනා අබේවික්‍රම මහත්මිය වෙත ඉදිරිපත් කළ අතර එහිදී මෙම සැකකරු මේ මස එනම් 20 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කර තිබේ .
අද දින මෙම බහාලුම් 03 මාධ්‍යවේදීන් හමුවේ විවෘත කර පරීක්ෂා කර බැලීමක් සිදු කළ අතර , එහිදී ඒ තුළ තිබූ ටොයෝටා හයි ඒස් වෑන් රථ 02 ක්,ටොයෝටා විට්ස් කාර් රථ 03 ක් , නිසාන් මිනි වෑන් 01 ක් , හයි ජෙට් මිනි වෑන් 03 ක් සහ හස්ට්ලර් වැගන් රථ 03 ක් ද රේගු නිලධාරීන් විසින් සොයාගෙන අත්අඩංගුවට ගෙන තිබුණි .
මෙම අත්අඩංගුවට ගැනීම සහ මේ පිළිබඳව වැඩිදුර විමර්ශන කටයුතු අතිරේක රේගු අධ්යක්ෂ ජනරාල් ආනන්දීෂ්වරන් මහතාගේ උපදෙස් මත ,රේගු අධ්යක්ෂ ඩී.ඒ.එස්.චන්ද්‍රසිරි මහතාගේ අධීක්ෂණය යටතේ නියෝජ්‍ය රේගු අධ්යක්ෂ සුදත් ද සිල්වා , රේගු අධිකාරීවරුන් වන මහින්ද සිරිවර්ධන , නිශාන්ත මිරිහාගල්ල , සහකාර රේගු අධිකාරීවරුන් වන කැළුම් තුෂාර , ඉදුනිල් බණ්ඩාර , පසිදු මදනායක , පුලස්ති ලක්ෂාන් සහ තරිඳු පරණමාන යන මහත්වරුන් විසින් සිදු කර තිබුණි .