නීතිවිරෝධී ලෙස අල්ලන ලද මුහුදු කූඩැල්ලන් කිලෝ 300ක අධික ප්රමාණයක් මන්නාරම වෙරළ ප්රදේශයේ දී අද (14) අළුයම තිබී සොයා ගත් බව නාවික හමුදාව පවසයි.
උතුරු මැද නාවික විධානයට අනුයුක්ත නාවික සෙබළුන් පිරිසක් විසින් සිදුකළ පාමුර සංචාරයක් අතරතුරදී මෙම මුහුදු කූඩැල්ලන් තොගය සොයා ගෙන තිබේ.
එහිදී මුහුදු කූඩැල්ලන් කිලෝග්රෑම් 300 ක්, සහ ඩිංගි යාත්රාවක් සමගින් පිටත දහන යන්ත්රයක් මේ සමග හමුවී ඇති අතර අදාළ මුහුදු කූඩැල්ලන් ගෙන එන ලද සැකකරුවෙකු පිළිබඳව මෙතෙක් අනාවරණය වී නොමැත.
සොයාගන්නා ලද මෙම මුහුදු කූඩැල්ලන් තොගය ඩිංගි යාත්රාවක් තුළ ගෝනි 12 ක සඟවා තිබි ඇති අතර සොයා ගන්නා ලද මුහුදු කූඩැල්ලන් තොගය, ඩිංගි යාත්රාවක් සහ පිටත දහන යන්ත්රය ඉදිරි පරීක්ෂණ කටයුතු සඳහා යාපනය රේගු කාර්යාලය වෙත භාර දීමට නාවික හමුදා නිලධාරීන් විසින් පියවර ගෙන ඇත.