නාවික හමුදාව සහ පොලීසිය එක්ව ඊයේ (5) සිදුකල ඒකාබද්ධ මෙහෙයුමකදී නීතිවිරෝධී ලෙස මුහුදු මාර්ග ඔස්සේ මෙරට සිට විදේශ ගතවිමට උත්සාහ කළ ශ්රී ලාංකික පුද්ගලයින් පිරිසක් අත් අඩංගුවට ගැනීමට සමත්ව ඇත.
මිනිස් ජාවාරම මැඩපැවැත්විම සඳහා ශ්රී ලංකා නාවික හමුදාව නිරන්තර මෙහෙයුම් ක්රියාත්මක කරමින් දැඩි අවධානයකින් කටයුතු කරනු ලබන අතර, ඒ සඳහා නාවික හමුදාව සහ ශ්රී ලංකා පොලීසිය එක්ව ඊයේ අලුයම මිගමුව ආශ්රිත ප්රදේශයේ සිදු කල මෙහෙයුමකදී මෙරට සිට සංක්රමණය වීමට උත්සාහ කළ ශ්රී ලාංකික පුද්ගලයින් පිරිසක් අත්අඩංගුවට ගෙන ඇත.
එහිදි නීතිවිරෝධී ලෙස මුහුදු මාර්ග ඔස්සේ නවසිලන්තය වෙත පිටත් වීමට රහසිගතව සැලසුම් කර, මිගමුව ප්රදේශයට වෑන් රථයකින් පැමිණි සිට අවස්ථාවේදී මෙම පුද්ගලයින් පිරිස අත් අඩංගුවට ගෙන ඇති අතර, එහිදී සංක්රමණය වීමට උත්සාහ කල පිරිමි පුද්ගලයින් 15 දෙනෙකු සහ වෑන් රථයේ රියදුරු ඇතුළු 16 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට පත් පුද්ගලයින් අවුරුදු 19 ත් 46 ත් අතර වියෙහි පසුවන වලච්චේන ප්රදේශයේ පදිංචිකරුවන් බව හඳුනාගෙන ඇති අතර, අත්අඩංගුවට පත් පුද්ගලයින් සහ වෑන් රථය සම්බන්ධයෙන් ඉදිරි විමර්ශන කටයුතු මීගමුව, පොලීසිය විසින් සිදු කරනු ලබයි. එමෙන්ම මෙම මිනිස් ජාවරමේ නිරත වූ ජාවාරම්කරු සොයා නාවික හමුදාව සහ පොලීසිය එක්ව මෙහෙයුමක් ක්රියාත්මක කර ඇත.
තවද, සංක්රමණික නීතිය දැඩිව ක්රියාත්මක මෙම කාලයේ නීතිවිරෝධී ක්රම භාවිතා කරමින් කිසිසේත්ම පිටරට වලට යා නොහැකි අතර, ඒ සඳහා උත්සාහ කරන පුද්ගලයින් හට මිනිස් ජාවාරම්කරුවන්ගේ බහට රැවටි ජීවිත අවදානමට ලක්කර ගැනීමටත්, ධනය විනාශ කර ගැනීමටත්, අවසානයේ නීතියෙන් වරදකරුවන් වි බන්ධනාගාර ගතවිමෙන් අනාගතය අඳුරු කරගැනීමටත් සිදු වනු ඇත.