පුගොඩ විශේෂ බලකා කඳවුරේ නිලධාරින්ට ලද තොරතුරක් මත ගල්කිස්ස පොලිස් වසමේ සේරම් පාර ප්රදේශයේ ලැගුම්හලක ආගමන විගමන කොන්දේසි උල්ලංඝනය කරමින් විසා නොමැතිව මෙරට රැදි සිටි විසේශික කාන්තාවන් 9ක් සහ පිරිමි පුද්ගලයින් 4ක් අත්අඩංගුවට ගෙන ඇත.
මින් එක් සැකකරුවෙකු සන්තකයේ තිබි නීතිවිරෝධි ලෙස මෙරටට ගෙන්වන ලද දුම්වැටි 10,300ක්ද සොයා ගෙන තිබේ.
අත්අඩංගුවට ගත් සැකකරුවන් සහ සැකකාරියන් අවු 20 – 44 අතර වයසේ පසුවන තායිලන්ත සහ චින ජාතිකයින් වේ.
සැකකරුවන් සහ සැකකාරියන් අද (27) ගල්කිස්ස මහේස්ත්රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරිමට නියමිතය.