මන්නාරම වැලිපර හතර ප්රදේශයේ මුහුදු තීරයේ උතුරු මැද නාවික විධානයට අනුයුක්ත නාවිකයින් පිරිසක් විසින් ඊයේ (11) දින සිදු කල සෝදිසි මෙහෙයුමකදී නීතිවිරෝධී බීඩි කොළ කිලෝ 751 ග්රෑම් 94ක ප්රමාණයක් සොයාගෙන ඇත.
වැලිපර හතර සිට 07 දක්වා වූ ප්රදේශයේ මුහුදු තීරයේ නාවික හමුදා නිලධාරීන් විසින් සිදු කල සෝදිසි මෙහෙයුමකදී මුහුදේ පාවෙමින් තිබූ පාර්සල් 16ක අදාළ නීතිවිරෝධී බීඩි කොළ හමු වී ඇති අතර අදාළ බීඩි කොළ පාර්සල් ගෙන ආ බවට සැකපිට සැකකරුවන් සිවු දෙනෙකුද අත්අඩංගුවට ගනු ලැබීය.
අදාළ බීඩි කොළ තොගය ඉන්දියාවේ සිට මන්නාරම් ප්රදේශයට මුහුදු මාර්ගයෙන් රැගෙන එන්නට ඇති බවට නාවික හමුදාව සැක පළ කර සිටි අතරම අත්අඩංගුවට ගනු ලැබූ බීඩී කොළ තොගය ඉදිරි පරික්ෂණ කටයුතු සඳහා යාපනය, රේගු කාර්යාලය වෙත භාර දීමට කටයුතු යොදා ඇති අතර සැකකරුවන් මන්නාරම් ප්රදේශයේ පදිංචිකරුවෝ වෙති.
කෙසේ වෙතත් මෙම වර්ෂයේදී (2019) ගතවූ දින කිහිපයේ පමණක් නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන ඒමට උත්සාහ කරන ලද බීඩී කොළ කිලෝග්රෑම් 340,421ක ප්රමාණයක් නාවික හමුදා අත්අඩංගුවට ගැනීමට කටයුතු කර ඇත.