නත්තල් දිනයේදී නයිජීරියාවේ බෝර්නෝ ප්රාන්තයේ බහුතර ක්රිස්තියානි ගම්මානයක් ඉලක්ක කරමින් බොකෝ හරාම් ජිහාඩ් ඉස්ලාමීය ත්රස්තයන් එල්ල කළ ප්රහාරයකින් පුද්ගලයින් 7 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
"බොකෝ හරාම් ත්රස්තයන් පෙමී ගම්මානයට පහර දී, හත් දෙනෙකු ඝාතනය කර, දේවගැතිවරයෙකු ඇතුළු තවත් හත් දෙනෙකු පැහැරගෙන ගොස් තිබෙනවා" චිබොක් පළාත් පාලන ප්රදේශයේ ලේකම් කචල්ලා උස්මාන් පැවසීය
"ඔවුන් පල්ලියක්, බෙහෙත් ශාලාවක් සහ නිවාස කිහිපයක් ගිනිබත් කර තිබෙනවා." හෙතෙම වැඩිදුරටත් පැවසීය.
පෙමී ගම්මානය පිහිටා තිබෙන්නේ, බොකෝ හරාම් ජිහාඩ් ඉස්ලාමීය ත්රස්තයන් මීට වසර 6කට පෙර පාසල් දැරියන් 200කට වැඩි පිරිසක් පැහැරගෙන ගිය චිබොක් සිට කිලෝමීටර් 20ක් පමණ දුරිනි.
බොකෝ හරාම් නායකයෙකු ලෙස සැලකෙන අබුබකර් ෂෙකෝ කියා සිටියේ මේ මස මුලදී රටේ වයඹ දෙසින් පාසල් ළමයින් 300කට වැඩි පිරිසක් පැහැර ගැනීමද තම කණ්ඩායම විසින් කළ බවය. නමුත්, පළාත් ආණ්ඩුකාර අමීනු බෙලෝ මසාරි මෙම ප්රකාශය ප්රතික්ෂේප කරමින් කියා එය පැහැරගැනීම දේශීය කොල්ලකරුවන් විසින් සිදුකළ එකක් බවය.