නඩුවලදී නීතිඥවරුන් යොදවා ගැනීමට නොහැකි ජනතාවට යුක්තිය පසිඳවා ගැනිම සදහා උපකාර කිරීම රජයේ වගකීමක් වන බැවින් නීති ආධාර සේවය තවදුරටත් පුළුල් කළ යුතු බව අධිකරණ මානව හිමිකම් හා නීති ප්‍රතිසංස්කරණ අමාත්‍ය නිමල් සිරිපාලද සිල්වා මහතා පවසයි.
අධිකරණ මානව හිමිකම් හා නීති ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශය යටතේ ස්ථාපිත කොට ඇති ශ්‍රී ලංකා නීති ආධාර කොමිෂන් සභාවේ කටයුතු කරන ප්‍රාදේශීය නීතිඥවරුන් හා පරිපාලකයින් පිරිසක් ඊයේ (8) අධිකරණ මානව හිමිකම් හා නීති ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශයේදී අමාත්‍යතුමා හමු වි නීති ආධාර සේවාව වඩාත් පුළුල් ලෙස ක්‍රියාත්මක කිරීමට ඇති බාධක පිළිබදව පැවති සාකච්ජාවේදි මේ බව පැවසීය.
දිවයිනේ සෑම උසාවියක්ම කේන්ද්‍ර කොට නීති ආධාර සේවය පවත්වා ගෙන යන බවත් දැනට අඩු ආදායම්ලාභි විශාල පිරිසක් මෙකී සේවය ලබා ගන්නා බවත් පෙන්වා දුන් නියෝජිත පිරිස නීති ආධාර සේවය පවත්වා ගෙන යාම සදහා අවශ්‍ය කාර්යාල පහසුකම් හා ඉඩකඩ සීමා සහිත නිසා එම සේවාදායකයින්ට වඩාත් ඵලදායි සේවයක් ලබා දීමට එකි පහසුකම් පුළුල් කර දෙන ලෙස ඉල්ලා සිටියේය.
නීතිආධාර සේවයෙන් කෙරෙන සේවාව අගය කළ අමාත්‍යවරයා නඩු හබ සදහා නීතිඥවරුන් යොදවා ගැනීමට අතමිට සරු නැති ජනතාවට යුක්තිය ඉටු කර ගැනිම සදහා උපකාර කිරීම රජයේ වගකීමක් බවද එහෙයින් නීති ආධාර සේවය පුළුල් කිරීම මෙම රජයේ වගකීමක් බව ද ප්‍රකාශ කළේය.
විශේෂයෙන් රිය අනතුරු වලදි මියයන හා තුවාල ලබන ජනතාවට අධිකරණයේදී සිය නඩු කරය ඔප්පු කිරිම සදහා විශාල ගැටලු ප්‍රමාණයක් ඇති නිසා සිවිල් නඩුවලදි සාක්ෂි දීම සදහා වෛද්‍ය පහසුකම් කැඳවිම සදහා විශාල මුදලක් වැය කිරිමට සිදු වන බවත් රක්ෂණ සමාගම් ඉතා අසාධාරණ ලෙස කටයුතු කිරිමෙන් එවැනි නඩු සාධාරණ මට්ටමකට සමථයකට පත් කිරිමට රක්ෂණ සමාගම් පියවර නොගන්නා හෙයින් ඒ පිළිබදව ශක්තිමත් නීති පද්ධතියක් සකස් කළ යුතු බවටද සාකච්ඡාවේදී පෙන්වා දුන්නේය.
ඉදිරිපත් කරන ලද එකී කරුණු පිළිබඳව සිය අවධානය යොමු කරමින් රක්ෂණ සමාගම් නියෝජිතයින් සමග විශේෂ සාකච්ඡාවක් පැවැත්විමට තමා කටයුතු කරන බවත් අවශ්‍ය නම් අනතුරට පත් වුවන්ට සහනය ලබාදීම සදහා නව නීති සම්පාදනය කිරිමට තමා සුදානම් බවත් අමාත්‍යවරයා එහිදී සඳහන් කළේය.