අනවශ්‍ය ලෙස නඩු ප්‍රමාදවීම වැලැක්වීම සදහා ඉදිරි දින කිහිපය තුළදී නව පනත් දෙකක් පාර්ලිමේන්තුවට ගෙන ඒමට කටයුතු කරන බව අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය තලතා අතුකොරළ මහත්මිය පැවසුවාය.
අතුකොරළ මහත්මිය මෙසේ ප්‍රකාශ කරනු ලැබුවේ අද (05) දින මාතලේ නව මහාධිකරණය විවෘත කිරිමේ අවස්ථාවට එක්වෙමින්ය.
අග්‍රවිනිශ්චයකාර ජනාධිපති නීතිඥ ජයන්ත ජයසුරිය මහතාගේ ප්‍රධානත්වයෙන් මහාධිකරණය විවෘත කිරිම සිදු විය.
අධිකරණයේ ස්වාධිනත්වය වැදගත් වෙන්නේ බලය නැති කොට නෙවෙයි බලයේ ඉන්න කොටයි ඒ සඳහා අපට විශාල වැඩ කොටසක් සිදු කරන්න සිදු වුවා.
අධිකරණයට තිබු නොයෙකුත් බලපැම් අයින් කරන්න අපට හැකි වුවා. විනිශ්චයකාර තුමන්ලට නීතිපති දෙපාර්තමේන්තුව ඇතුළු අප අමාත්‍යංශය යටතේ තිබෙන හැම ආයතනයක් සදහාම ස්වාධින තින්දු තිරණ ගැනිමට අවශ්‍ය අවස්ථාව ලබා දුන්නා.
අපේ සමහර පනත්වල තිබෙන පුංචි පුංචි ගැටලු නිසා සමහර මිනිස්සු දන්නේ නැ මහාධිකරණයෙන් ඇප ගැනිමට තිබෙන අවස්ථා ගැන. ඒ නිසා මම ඉදිරි දින කිහිපය තුළ නව පනත් දෙකක් පාර්ලිමේන්තුවට ගෙන ඒමට කටයුතු කරනවා. ඒ තුළින් ජනතාවට තම නඩු කටයුතු පහසුවෙන් කර ගැනිමේ අවස්ථාව උදාවෙයි.
අපේ අහිංසක ජනතාව ගොඩක් කාලයක් මහේස්ත්‍රාත් අධිකරණ තුළ කාලය ගත කරනවා. ඒ තුළින් තමන්ගේ මුළු සේසතම අහිමි වෙනවා . මෙම පනත් තුළින් ඒ දෙයට විසඳුමක් ලබාගත හැකි වේවි. අපේ රටේ නඩු ප්‍රමාදවීම් වැඩියි මේ වනවිට නඩු 750,000ක් පමණ පවතිනවා යැයි වැඩිදුරටත් අමාත්‍යවරිය මෙහිදි සඳහන් කළාය.
කෘෂිකර්ම වාරිමාර්ග හා ග්‍රාමීය ආර්ථික කටයුතු රාජ්‍ය අමාත්‍ය වසන්ත අලුවිහාරේ සංචාරක හා වනජීවි කටයුතු රාජ්‍ය අමාත්‍ය රංජිත් අලුවිහාරේ මහතා පාර්ලිමේන්තු මන්ත්‍රිණී රෝහිණි විජේරත්න මහත්මියගේ සහභාගිත්වයෙන් මෙම උත්සවය පැවැත්විය.