Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ADA
2024 දෙසැම්බර් මස 12 වන බ්‍රහස්පතින්දා
2024 දෙසැම්බර් මස 12 වන බ්‍රහස්පතින්දා
නොච්චියාගම නගරයේ ප්‍රසිද්ධ ව්‍යාපාරිකයකුගේ නිවසේ තිබී පුපුරණ ද්‍රව්‍ය තොගයක් අත්අඩංගුවට ගැනීමට නොච්චියාගම පොලීසිය සමත්ව ඇත.
අද (23) උදෑසන නොච්චියාගම පොලීසියට ලැබුණ තොරතුරක් මත සිදු කල සෝදිසි මෙහෙයුමකදී පුපුරණ ද්‍රව්‍ය විශාල තොගයක් සමඟ සැකකරුවන් අටදෙනෙකු අත්අඩංගුවට ගැනීමට පොලීසිය සමත් විය.
නොච්චියාගම නගරයේ ඉන්ධන පිරවුම් හල ඉදිරිපිට පිහිටි දෙමහල් නිවසක් පොලීසිය විසින් පරික්ෂාවට ලක් කල අතර එම නිවස තුල තිබි පුපුරණ ද්‍රව්‍ය තොගය සොයා ගෙන ඇත.
පෙරවරු 9.30 ට පමණ පොලීසිය අදාළ නිවස පරික්ෂා කිරීමේදී එහි තිබු ජෙලග්ට්නයිට් කූරු දාහක් (1000 ) ක් , ඇමෝනියා කිලෝග්‍රෑම් පන්සියයක් (500 ) , පුපුරුවා හැරීමට භාවිතා කරන වයර් විශාල ප්‍රමාණයක් පොලීසිය විසින් සොයා ගෙන ඇත.
වැටලීම සිදු කරන අවස්ථාවේ ඒම නිවසේ සිටි සැකකරුවන් හයදෙනෙකු ද අත්අඩංගුවට ගෙන තිබේ.
පොලිසිය මෙම නිවස පරික්ෂා කරමින් සිටි අවස්ථාවේ දී එම නිවසට පැමිණි වැන් රථයක් හා එහි සිටි කාන්තාවක් සමඟ තවත් සැකකරුවකුද අත්අඩංගුවට ගත් බව පොලීසිය පැවසිය.
මේ සම්බන්ධයෙන් මේ වනවිට සැකකරුවන් අට දෙනකු (08 ) අත්අඩංගුවට ගෙන ඇති අතර මුස්ලිම් ජාතික සැකකරුවන් අතර කාන්තාවන් තිදෙනකුද වනබව පොලිසිය පැවසිය.
අත්අඩංගුවට ගත් සැකකරුවන් අතර සිටින ප්‍රධාන සැකකරු පසුගිය පළාත් පාලන මැතිවරණයේ දී එක්සත් ජාතික පක්ෂයෙන් තරග කල අපේක්ෂකයකු වන අතර ඔහු අනුරාධපුර දිස්ත්‍රික්කයේ ප්‍රභල අමාත්‍යවරයකුගේ සමීපතමයකුද බව වාර්තා වේ.
මෙම පුපුරණ ද්‍රව්‍ය තොගය තිබු නිවසේ හිමිකරු මිට පෙරද පුපුරණ ද්‍රව්‍ය ලග තබාගෙන සිටීමේ වරදට අධිකරණය මගින් දඩුවම් ලැබූ අයකු බවද පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී තිබේ.
නොච්චියාගම පොලිසිය හා විශේෂ කාර්ය බලකායේ බෝම්බ නිෂ්ක්‍රීය අංශයේ නිලධාරීන් එක්ව මෙම සෝදිසි මෙහෙයුම සිදු කර ඇත.
අනුරාධපුර - තිසර සමල්
popular news
රජින්ද Tuesday, 23 April 2019 02:15 PM
දේශපාලකයින්ගේ සහයෝගයක් නොමැතිව මේ පිපිරවීම් සිදු කල නොහැකි නිසාත් මේ සෑම අත්අඩන්ගුවක් පිටුපසම දැන් දේශපාලකයෙක් සිටින නිසාත් කොන්ද පන තියෙයිනම්, සැක කටයුතු සියලුම දේශපාලකයින් අල්ල ඔවුන්ගෙන් ප්‍රශ්න කිරීමට හමුදාවට සහ පොලීසියට පුර්ණ බලය දිය යුතුය.
Reply : 0 45
Kolla Tuesday, 23 April 2019 02:45 PM
නම් ටික දාපන් යකෝ
Reply : 0 4
Sam Tuesday, 23 April 2019 02:56 PM
කරුණාකර මෙම දේශපාල කවුද කියන්න .
Reply : 0 3
lion Tuesday, 23 April 2019 03:13 PM
අපිට උන්ප් එකේ හිටියත් පොහ්ට්ටුවේ හිටියත් වඩක් නෑ. අපිට ඕනේ හරි තොරතුරු . වාර්තා කරනකොට පැති ගන්න එපා. ගන්න මහජනයාගේ පැත්ත. රනිල්ට, මහින්දට ,සිරට කඩේ යන්න එපා. අපිට එතකොට ඔග්ල්ලෝ ගැන අප්පිරිය හිතෙනවා.
Reply : 3 15
Rohitha Tuesday, 23 April 2019 04:06 PM
මෙම බෝම්බ පිපිරූ වගකීම සම්පූර්ණයෙන්ම ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන බාර ගත යුතුයි
Reply : 0 9
Champa Tuesday, 23 April 2019 04:27 PM
පොලිසිය දැන් පුපුරන ද්‍රව්‍ය අල්ලන්නේ නිකම් මැජික් එකකින් වගේ. පැහැදිලිවම මිනීමරු ආණ්ඩුව සහ ඇමතිවරු පොලිසියට බලපෑම් කරලා තියෙනවා ත්රස්තවාදීන් සම්බන්ධ වැටලීම් කරන්න එපා කියල.
Reply : 0 6
Champa Tuesday, 23 April 2019 04:51 PM
දැන්නේ වැඩේ තේරෙන්නේ. ආණ්ඩුව බලාපොරොත්තු වෙලා ඉඳල තියෙනව ජාතිවාදී අරගලයක්, බෝම්බ පිපුරුමෙන් පස්සේ. මුස්ලිම් සිංහල මිනිස්සුන්ගේ ගැටුමක්. ඒකට තමයි "බඩු" ලැස්ති කරන ඉඳලා තියෙන්නේ. හැබැයි වාසනාවට සිංහල මිනිස්සු කලබල වුනේ නැහැ. ඒ හින්ද ආණ්ඩුවට ගින්න අවුලුවන්න බැරි වුනා.
Reply : 2 6
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd