බෙලිඅත්ත නගරයත් වසයි
කොවිඩ් වසංගතය හේතුවෙන් අනිද්දා (18දා) සිට බෙලිඅත්ත නගරයේ සියලුම වෙළදෙසැල් වසා දැමීමට තීරණය කර තිබේ.
රෝගීන් වැඩි වශයෙන් වාර්තා වීම හේතුවෙන් අද(16) බෙලිඅත්ත ප්‍රාදේශීය සභාවේදී බෙලිඅත්ත සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ නිලධාරින්, වෙළඳ සංගම්වල නියෝජිතයන්, බෙලිඅත්ත පොලීසිය, රාජ්‍ය ආයතනවල නිලධාරින් සහ ප්‍රාදේශීය සභා මන්ත්‍රිවරුන් අතර පැවැති සාකච්ඡාවකින් අනතුරුව මෙම තීරණය ගෙන තිබේ.
ඒ අනුව හෙට (17දා) දහවල් 12.00 සිට බෙලිඅත්ත පොදු වෙළදපොල වසා දැමෙන අතර අනිද්දා (18) සිට ලබන 23 වැනිදා දක්වා බෙලිඅත්ත නගරයේ සියලුම වෙළෙදසැල් වසා දැමීමට නියමිතය.
තංගල්ල හා රත්න නගරත් සතියකට වැසෙයි
පවතින කොවිඩ් වසංගතය පැතිරයාම හේතුවෙන් හෙට (17දා) රාත්‍රී සිට තංගල්ල සහ රන්න නගර සතියක කාලයක් වසා දැමීමට වෙළද සංගම් විසින්ම තීරණය කළ බව තංගල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය කියයි.
දිනෙන් දින කොවිඩ් රෝගීන් වැඩි වශයෙන් වාර්තා වීමත් සමඟ ජනතාවගේ ආරක්ෂාව උදෙසා තංගල්ල සෞඛ්‍ය වෛද්‍ය බල ප්‍රදේශයේ සියලුම ආයතන සමඟ අද (16දා) තංගල්ල නගරශාලාවේදි පැවැති සාකච්ඡාවකින් අනතුරුව මෙම තීරණය ගෙන තිබිණි.
ඇඹිලිපිටිය නගරය සති දෙකකට වසයි
ඇඹිලිපිටිය සහ අවට ප්‍රදේශවලින් කෝවිඩ් ආසාදිතයන් බහුලව වාර්තාවීමත් සමග ඇඹිලිපිටිය නගර සභා සීමාවේ ව්‍යාපාරික ස්ථාන අනිද්දා (18දා) බදාදා සිට දින දාහතරක කාලයක් වසා දැමිමට ව්‍යාපාරික ප්‍රජාව තීරණය කළ අඹිලිපිටිය නගර සභාවේ නාගරික සභික රුවන් පතිරණ මහතා අද (16දා) පැවසීය.
එසේම නාගරික සීමාවෙන් පිටත ව්‍යාපාරිකයන්ගෙන් ද මෙම දින වකවානු තුළ තමන්ගේ වෙළඳසැල් වසා තබා කෝවිඩ් මර්දන කාර්යයට සහාය දෙන ලෙස නගර සභා බල ප්‍රදේශයේ ව්‍යාපාරිකයන් ඉල්ලා සිටින බවද ඔහු පැවසුවේය.
බදුල්ලේ වෙළඳසැල් සතියක් වසයි
පවතින කොවිඩ් අවධානම් තත්වය සැලකිල්ලට ගෙන ලබන 18 වැනි බදාදා සිට 25 දක්වා සතියක කාලයක් බදුල්ල නගරයේ සියළු වෙළඳසැල් වසා තැබීමට තීරණය කළබව බදුල්ල වෙළඳ සංගමයේ සභාපති වසන්ත අබේකෝන් මහතා පැවසීය .
බදුල්ල නගරයේ වෙළඳ සංගම් තුනක නිළධාරින්, වාණිජ හා කර්මාන්ත මණ්ඩලයේ නිලධාරින් මහජන සෞඛ්‍ය පරික්ෂකවරු හා බදුල්ල මහ රෝහලේ කොවිඩ් ප්‍රතිකාර ඒකකය භාර වෛද්‍ය පාලිත රාජපක්ෂ , මහතා ඇතුළු වෛද්‍යවරු න්ගේ සහබාගිත්වයෙන් බදුල්ල වාණිජ හා කර්මාන්ත මණ්ඩල කාර්යාලයේදී (16) දා පැවැති සාකච්චාවකදී මේ තීරණය ගත් බවද අබේකෝන් මහතා සඳහන් කළේය.
බදුල්ලේ පාලිත ආරියවංශ/අනීෂා මානගේ/ අජිතලාල් ශාන්ත උදය