අද (21දා) දිනයේ සිට නගරාන්තර දුම්රිය ගමන්වාර කිහිපයක් තාවකාලිකව අත්හිටුවීමට දුම්රිය දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.
අඩු දුම්රිය මගීන් සංඛ්‍යාවක් හේතුවෙන් මෙම තීරණය කර තිබේ. දුම්රිය ගමන්වාර කිහිපයක් අවලංගු කිරීමට අවතරම තවත් දුම්රිය ගමන්වාර කිහිපයක් සංශෝධනය කිරීමටද තීරණය කර තිබේ.
පොළොන්නරුව නගරාන්තර සීඝ්‍රගාමී දුම්රිය, බෙලිඅත්ත දක්ෂිණ සීඝ්‍රගාමී දුම්රිය, කන්කසන්තුරේ නගරාන්තර සීඝ්‍රගාමී දුම්රිය සහ මහනුවර සීඝ්‍රගාමී දුම්රිය ගමන් වාර මෙසේ අවලංගු කර තිබේ.