නැගෙනහිර පළාතේ කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව මේ වනවිට 1004 දක්වා ඉහළ ගොස් ඈති බව නැගෙනහිර පළාත් සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක එල්. ලතාකරන් පවසයි.
නැගෙනහිර පළාතේ කොරෝනා ආසාදිතයින් වැඩි සංඛ්‍යාවක් සටහන්වී ඇත්තේ අම්පාර දිස්ත්රික්කයේය.
එයින් අක්කරයිපත්තුව සෞඛ්‍ය කොට්ඨාසයෙන් පමණක් කොරෝනා ආසාදිතයින් 306 දෙනෙකු හදුනා ගෙන ඇත.
නැගෙනහිර පළාතේ මෙතෙක් සමන්තුරේ ඔලුවිල් සයින්දමරුදු අට්ටාලච්චේනයි කාත්තන්කුඩි හි මරණ 5ක් වාර්තා වී තිබේ.
ත්‍රිකුණාමලයේ ග්‍රාමසේවා වසම් 3ක් හුදකලා කර ඇත. මේවන විට 2278 දෙනෙකු ප්‍රතිකාර ලබන අතර 1763 දෙනෙකු සුව වී නිවෙස් කරා ගොස් ඇත.
ටි එල් ජ්ව්ෆර්කාන්