නුගේගොඩ ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයේ නිලධාරියෙකුට කොරෝනා වෛරසය ආසාදනය වීම හේතුවෙන් හෙට එම ආයතනය වසා දැමීමට පියවර ගෙන ඇති බව එහි සභාපති වෛද්‍ය සවීන්ද්‍ර ගමගේ මහතා පැවසීය.
එබැවින් හෙට රාජකාරි සඳහා කිසිවකු නුගේගොඩ ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයට නොපැමිණෙන ලෙසත් ඒ වෙනුවෙන් වෙනත් දිනයක් හා වේලාවක් 225 අංකයට අමතා ලබා ගන්නා ලෙසත් සභාපතිවරයා සේවාලාභීන්ගෙන් ඉල්ලා සිටි.
මෙම ආයතනයේ සේවය කරන නිලධාරියකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට අද 14 දා වාර්තා වූ අතර හෙට ආයතන සම්පූර්ණ විෂබීජහරණයට ලක් කොට 16 දා සිට යළි සාමාන්‍ය කටයුතු ආරම්භ කිරීමට පියවර ගෙන ඇති බව සභාපති වෛද්‍ය සවීන්ද්‍ර ගමගේ මහතා පැවසීය. .
අදාළ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂක නිලධාරීන් ආසාදිතයා හා ගැටුණු සමීපතමයින් සොයා නිරෝධායනයට ලක් කිරීමට පියවර ගෙන ඇති අතර සේවාලාභීන් කිසිවකු භිය නොවී තම රාජකාරී සඳහා පැමිණෙන ලෙස සභාපතිවරයා ජනතාවට දන්වා සිටී.
මත්තේගොඩ ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න