නෞකාවේ ගින්නෙන් සාගර පරිසරයට සිදුවන හානිය පිළිබද පරීක්ෂණයක් කරන්නැයි ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා නාරා ආයතනයට උපදෙස් ලබා දෙයි.
කොළඹ වරායට නුදුරින් නැංගුරම් ලා තිබූ x press peal නෞකාවේ හටගත් ගින්න හේතුවෙන් මේ වන විට එහි තිබෙන රසායනික ද්‍රව්‍ය ගින්බත් වෙමින් මුහුදට එක්වෙමින් තිබෙන අතර ඒ මගින් මුහුදු ජීවීන්ට හා මුහුදු පරිසර පද්ධතියට බලපෑමක් සිදුවීද යන්න පිළිබද පරීක්ෂණයක් සිදුකොට වාර්තාවක් ලබා දෙන ලෙස ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා නාරා ආයතනයට උපදෙස් ලබා දී ඇත.
මෙම බහාලුම් නෞකාවේ නයිට්‍රික් අම්ලය, එතනෝල් ඇතුළු රසායනික ද්‍රව්‍ය හා ආලේපන ආදී භෘණ්ඩ ප්‍රවාහනය කරමින් තිබියදී හදිසි ඇතිවු ගින්න නිවා දැමීමට නොහැකි තත්වයක් උත්ගත වී ඇත.
එසේ ගිනි ගැනීමත් සමග එහි ඇති බහාලුම් මුහුදු පරිසර පද්ධතියට එක් වීමෙන් සිදුවන හානිය ගැන තක්සේරු කිරීම සදහා ඒ පිළිබද පර්යේෂණ සිදු කරන කණ්ඩායම් යෙදවීමට අවශ්‍ය කටයුතු කරන ලෙස අමාත්‍යවරයා නාරා ආයතනයේ සභාපති මහාචාර්ය නවරත්න රාජා මහතාට උපදෙස් ලබා දී ඇත.