කොවිඩ්-19 වෛරස් අර්බුදයට ට්‍රම්ප් පරිපාලනය දැක්වූ ප්‍රතිචාරය ගැන දැඩි විවේචනයක් ඉදිරිපත් කරන එක්සත් ජනපද හිටපු ජනාධිපති බරැක් ඔබාමා, එය සම්පූර්ණයෙන්ම අවුල්සහගත ව්‍යසනයක් බව අවධාරණය කරයි.
මෙවැනි ගෝලීය වසංගතයක් ඇතිවන අවස්ථාවකදී ශක්තිමත් නායකත්වයක් දිය යුතු පුද්ගලයෙකු සිටීමේ වැදගත්කම සිහිපත් කළ ඔබාමා, මෙවර ඩිමොක්රටික් පක්ෂය නියෝජනය කරමින් ඇමෙරිකානු ජනාධිපතිවරණයට තරගවදින ජෝ බයිඩන්ගේ ඡන්ද සටනට වඩාත් ක්‍රියාකාරීව සම්බන්ධ වනු ඇති බවටද ඉඟි පළ කර තිබේ.
"සෑම මට්ටමකින්ම එළඹෙන මැතිවරණය ඉතා වැදගත් වන්නේ අප සටන් කිරීමට යන්නේ එක් පුද්ගලයකු හෝ දේශපාලන පක්ෂයක් සමග පමණක් නොවන නිසයි" යැයි ඔබාමා පැවසීය. "අප සටන් කරන්නේ දිගුකාලීන ප්‍රවණතාවක් ලෙස ඇතිවී තිබෙන ආත්මාර්ථකාමී වීම, ගෝත්‍රික වීම, බෙදී වෙන්වීම සහ අන් අය සතුරන් ලෙස දැකීම ඇමෙරිකානු ජීවිතයේ ප්‍රබල ආවේගයක් බවට පත්ව ඇති පරිසරයකයි."