ධීවර කටයුතු හා ආහාර සඳහා මතස්‍ය ප්‍රවාහනය වෙනුවෙන් ඇඳිරිනීතිය පවතින කාලසීමාව තුළදිත් අවසර ලබා දීමට රජය තීරණය කර තිබේ.
අද (24) පැවති පක්ෂ නායක රැස්වීමේදී මෙම තීරණය ගත් බවට ප්‍රවාහන සේවා කළමනාකරණ , විදුලිබල හා බලශක්ති අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කළේය.
රට තුළ පවතින තත්ත්වය හමුවේ ජනතාවට හිඟයකින් තොරව ආහාර සපයා දීම වෙනුවෙන් මෙම තීරණය ගත් බවද හෙතෙම වැඩිදුරටත් කියා සිටියේය.