අම්බලන්ගොඩ සිට පොතුවිල් දක්වා වන මුහුදු ප්‍ර දේශයට තද වැසි හා තද සුළං පිළිබඳව අනතුරු ඇඟවීමේ නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ.
අද (13දා) පෙ.ව. 9.30 සිට රාත්‍රී 8.00 දක්වා වලංගු වන පරිදි මෙම නිවේදනය නිකුත් කර තිබේ.
දිවයිනට දකුණු දෙසින් පවතින ක්‍රියාකාරි වළාකුළු පද්ධතිය හෙතුවෙන් මෙම ක්‍රියාකාරිත්වය සිදුව ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
ධීවර හා නාවුක ප්‍රජාව මේ පිළිබඳව ඉතා අවධානයෙන් කටයුතු කරන ලෙසද එම දෙපාර්තමේන්තුව ඉල්ලා සිටියි.