මේ දිනවල නැගෙනහිර මුහුදු ප්‍රදේශවල සිහින් වැසි ඇතිවිය හැකි අතර, දිවයින වටා වන සෙසු මුහුදු ප්‍රදේශවල වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල සුළං ඊසාන දිශාවෙන් හමන අතර, සුළගේ වේගය පැයට කිලෝ මීටර 30-40ක් පමන වන බවත්, මන්නාරම සිට පුත්තලම සහ කොළඹ හරහා කළුතර දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැ.කි.මි 50-60 පමණ දක්වා වැඩි විය හැකි බවත් එම දෙපාර්තමේනුතුව පවසයි.
එම මුහුදු ප්‍රදේශ විටින් විට රළු විය හැකි බවද, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසා සිටින අතර, මාතර සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා සහ මන්නාරම සිට කන්කසන්තුරය දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය විටින් විට පැ.කි.මී 50ත් පමණ දක්වා වැඩි විය හැකි බැවින් එම මුහුදු ප්‍රදේශ තරමක් රළු විය හැකි බවද ඔවුහු වැඩිදුරටත් දන්වා සිටිති.